2024 ජනපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (8) දින තැපැල් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 ඇරඹි අතර මේ වන විට ඡන්ද පත්‍රිකා ලක්ෂ 30ක් පමණ බෙදාහැර අවසන් බවයි වාර්තා වන්නේ.
අද දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද පත්‍රිකා අත්සන් සහිතව ලබා ගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
මේ මස 14 වැනි දින දක්වා ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුවන බවයි පැවසෙන්නේ.