Sat. Jun 28th, 2025

“අපි නයි මුගටි වගේ කට්ටිය”

කෘතගුණ දන්නවා නම් මහින්ද මහත්තයට සලකනවා වගේ මෙවර රනිල් වික්‍රමසිංහ මහත්තයට ඡන්දය දීලා කෘතගුණ සැලකිය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බලපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති බලපිටිය ඒකාබද්ධ බල මණ්ඩල රැස්වීම අමතමින්.

ඔහු එහිදී වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළා.

“ගෑස් සිලින්ඩරේ ඉස්සරහ ගහන ඡන්දයෙන් මෙවර වැඩි ඡන්ද ප්‍රමාණයකින් දිනවිය යුතුයි. අපි දෙගොල්ලො නයි මුගටි වගේ සටන් කරපු කට්ටිය. එහෙත් අද එකට එකතු වෙලා ඉන්නවා. අපි පක්ෂ මාරු කරලා නැහැ. පොදු අරමුණකටයි ඇවිත් ඉන්නේ. අපි මහින්ද මහත්තයට ආදරෙයි. එතුමා තමයි අවුරුදු තිහක් තිස්සේ තිබූ යුද්ධය ඉවර කළේ. කෘතගුණ දන්න අපි මහින්ද මහත්තයට සළකනව වගේ මෙවර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතගුණ සැලකිය යුතුයි.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *