ඡන්දපොලේදී කලබල ඇති කරමින් මැතිවරණය කඩාකප්පල් කිරීමට උත්සහ කරන්නන්ට, මැතිවරණයට බාධා කරන්නන්ට සහ මැර කණ්ඩායම්වලට මැතිවරණ කොමිසම විසින් පොලීසියට බලය ලබා දී ඇති බව වාර්තා වෙනවා.
එසේම ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද බලය ලබා දී තිබෙනවා.
එසේම ජනාධිපතිවරණයට පෙර රට පුරා අනවසර ගිනි අවි සහ පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත් ඊට විශේෂ බුද්ධි අංශ කණ්ඩායමක් යොදවා ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.