මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳ තමන්ට ලැබුණු පැමිණිලි ප්‍රමාණය 2460 දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ එම පැමිණිලිවලින් 2387ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන බවයි.
එමෙන්ම මේ දක්වා ලැබුණු පැමිණිලිවලින් 1707කට විසඳුම් ලබා දී ඇති අතර තවත් 753ක් විසඳීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද වාර්තා වෙනවා.