Thu. Jun 26th, 2025

දුම්රිය නිල නිවසක සජිත්ගෙ කාර්යාලයක්

සමගි ජන බලවේගයේ කාර්යාලයක් රත්මලාන දුම්රිය නිල නිවාසයක පවත්වාගෙන යන බව NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අකලංක උක්වත්ත පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පසුගිය දා NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැකවු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ප්‍රකාශ කළා.

“සමගි ජන බලවේගයේ රැස්වීම්වලදී ආහාරපාන බෙදාදීම් දිගින් දිගටම වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කරමින් සහ පැමිණිලි කරමින් කරුණු ඉදිරිපත් කරනවා. සමගි ජන බලවේගයේ කාර්යාලයක් රත්මලාන දුම්රිය නිල නිවාසයක පවත්වාගෙන යනවා. ඒක විපක්ෂ නායකයෙක් වශයෙන් සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක්. ඒ වගේම අපේක්ෂකයන්ගේ පුවරු ප්‍රදර්ශනය කිරීමට අමතරව වෙනත් අයගේ ඡායාරූප ඔවුන්ගේ මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කරනවා. නීති ගරුක රටක් හදන බව ප්‍රකාශ කිරීම භාවිතයෙන්ම ඔප්පු කරන්න තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළත් ඒ ආකාරයෙන් කටයුතු කරන ලෙස අවධාරණය කරනවා. මැතිවරණ කාලයේවත් නීතිය අනුව කටයුතු කරන්න බැරි නම්, එයින්ම ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් තක්සේරු කරන්න පුළුවන්.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *