Sat. Jun 28th, 2025

පුපුරන ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

පුපුරන ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29ක සහ 43ක වයස්වල පසුවන රත්නපුර හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

දඹුල්ල පොලිසිය එම නගරයේදී කළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔවුන් සන්තකයේ තිබී ඩයිනමයිට් කරලක්, ඇමෝනියා ග්‍රෑම් 500ක් සහ ඩෙටනේටර් 15ක් සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *