Sat. Jun 28th, 2025

ජනපති අපේක්ෂකයෙකුට ප්‍රහාර එල්ල කරන සැලසුමක්: CID දැනුම් දෙයි!

ජනපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ හිටපු පොලිස් නිලධාරියෙකු විසින් ලබා දුන් රහසිගත තොරතුරකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි දැක්වෙන්නේ. මෙම නිලධාරියාගේ ප්‍රකාශය දැනටමත් සටහන් කරගෙන ඇති බව පැවසෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට උපදෙස් දී ඇත්තේ විමර්ශන ඉදිරියට කරගෙන යන ලෙසත් සැකකරුවන් හඳුනාගතහොත් අත්අඩංගුවට ගන්නා ලෙසත් ය. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා රහසිගත වාර්තාවක් පසුගිය සැප්තැම්බර් 2 වැනි දා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් වූ බව සඳහන් වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *