Fri. Jun 27th, 2025

මාලිමාව කැරකෙන පැත්ත හිතාගන්න බෑ: ජනපති

Sep7,2024 #election 2024 #JJB #news #ranil

ස්වාධීන අපේක්ෂක ජනපති රනිල්ගේ ජන රැලියක් මොරවක නගරයේදී ඊයේ (6) දින පැවැත්වුණා.

එහිදී ඔහු ජාතික ජනබලවගයේ ආර්ථික ප්‍රතිපත්තිය විවේචනයට බඳුන් කළා. එම පක්ෂයේ එක කොටසක් අපනයන ආර්ථිකයට යන බව කියද්දී තවත් පිරිසක් ආනයන ආර්ථිකයට යන බව කියා සිටින බව ජනපතිවරයා පවසනවා.

ජවිපෙ එක් පැත්තකට යද්දී ජාජබ තව පැත්තකට යන බව වැඩිදුරටත් කී ජනපතිවරයා මේ පරස්පර විරෝධී කතාවලට අද (7) දින මොරවකදී පැවැත්වෙන ජාතික ජන බලවේගයේ රැලියේදී අනුර දිසානායක පිළිතුරු දිය යුතු බවද සඳහන් කළා.

මෙවැනි පරස්පර විරෝධී කතා නිසා මාලිමාව කැරකෙන පැත්ත හිතාගන්නට නොහැකි වී ඇති බවද ජනපතිවරයා එහිදී කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *