Sat. Jun 28th, 2025

සැකකරුවන්ට ඡන්ද අයිතිය

ඉදිරි මැතිවරණවලදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට ඡන්ද අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ ආයතනවලට දැනුම් දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (05) පැවති රැස්වීමකදී මෙම උපදෙස් ලබා දුන් බව මානව හිමිකම් කොමසාරිස් නිමල් පුංචිහේවා පවසනවා.

සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.

නීත්‍යනුකූලව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති සිරකරුවන් සහ සැකකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සහතික කිරීමේ ප්‍රායෝගික අභියෝග පිළිබඳ සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *