Sat. Jun 28th, 2025

සලකුණු කළ ඡන්ද පත්‍රිකා ගැන නිවේදනයක්

සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට් යළිත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යල වෙත රැගෙන යාම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ  සඳහන් කළේ විශේෂ ආරක්ෂාවක් යටතේ එම කටයුතු සිදුවන බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීමේ කටයුතු ද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බව ඔහු  වැඩිදුරටත් සඳහන් කළා.

ලබන (08)වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් ඔහු නැවත සිහිපත් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *