ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිත මුහුණට මුහුණ සජීවී විවාදයට ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර සහභාගී නොවන බව වාර්තා වෙනවා.
විවාදය සංවිධානය කරන මාර්තු 12 ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව සනාථ වුණා.
මෙම සජීවී විවාදය ලබන 07 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වන අතර එහි පළමු විවාදය සඳහා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක දිලිත් ජයවීර සහ ස්වාධීන අපේක්ෂක පී. අරියනේත්තිරන් එසේ සහභාගි වීමට නියමිතයි.
08 වෙනිදා පැවැත්වෙන විවාදය සඳහා ජාතින ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ, සමාජවාදී ජනතා සංසදයේ නුවන් බෝපගේ ඇතුළු අපේක්ෂකයන් 06 දෙනෙක් සහභාගි වනු ඇති.
ස්වාධීන අපේක්ෂක රොෂාන් රණසිංහ සහභාගි වන්නේ 09 වැනි දින පැවැත්වෙන විවාදයටයි. එදිනට ඔහු ඇතුළු අපේක්ෂකයන් 06 දෙනෙකු විවාදයට සහභාගි වීමට නියමිතයි.
විවාදය පැවැත්වෙන දින සටහන් සහිතව මාර්තු 12 ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින්.
