Fri. Jun 27th, 2025

අනුර සමඟ විවාදයෙන් සජිත් පැනයද්දී විවාදයට සූදානම් බව ජනපති කියයි

May19,2024

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා කළ විවාද අභියෝගය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිගත යුතුව තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මැයි 20 වැනිදා එම අභියෝගයේ අවසන් දිනය ලෙස අනුර දිසානායක මහතා නියම කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා විසින් එය පිළිගෙන නැති බවත් ඔහු එය පිළිගෙන විවාදයට මුහුණ දිය යුතුව තිබූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් ඕනෑම කෙනකු සමග විවාද කිරීමට සූදානම් බවද පැවසූ ජනාධිපතිවරයා තමන් පාර්ලිමේන්තුවේ නිතර සිටින බවත් ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණ තමන් සමඟ වාද කළ හැකි බවත් තව දුරටත් කියා සිටියේය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *