Sat. Jun 28th, 2025

තිරුපති වැන්ද දේශබන්දු වෙනුවෙන් හිමිවරු පෙරට

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සමක් ගොනුකර තිබෙනවා.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න, කොල්ලුපිටිය රාහුල හිමි සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරු විසින් මෙම පෙත්සම ගොනුකර ඇති බව වැඩි දුරටත් සඳහන් වෙනවා.

පසුගිය දිනවල විදේශගත වී සිටි දේශබන්දු තෙන්නකෝන් නැවත මව්බිමට පැමිණ ඇති බව ද වාර්තා වෙනවා.

ඔහු රටින් පලා ගිය බවට ආසන්න දිනවල ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණත් ඔහු විදේශගත වී තිබුණේ ඉන්දියාවේ තිරුපති කෝවිල වන්දනා කිරීමට බව ද වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *