සියලුම සබන්, ෂැම්පූ සහ ආලේපන වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS Certificate) අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර පවසනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්දේශ අනුව මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ළදරුවන් සඳහා සකසන ලද සබන්වල TFM අගය 78 ක් විය යුතුයි. නමුත් මෙරට ප්‍රධාන පෙලේ සබන් නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ළදරු සබන්වල TFM අගය 63 ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබෙනවා.
මෙම සමාගම සහ අනෙකුත් සමාගම් විසින් නියමිත TFM අගයෙන් සබන් නිෂ්පාදනය කරන්නේද යන්න පිළිබදව වරින් වර පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇති බව ද එම සභාපතිවරයා ප්‍රකාශ කළා.