Sat. Jun 28th, 2025

නීතිපති උපදෙස් නැතුව කල්ගිය නාමල්ගේ නඩුව

Namal's opinion on bus decorations

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලක් සළකා බැලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කල්දමා තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව ඊයේ (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.

එම නඩුව 2025 පෙබරවාරි මස 13 වැනි දින විභාගය සඳහා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී නාමල් රාජපක්ෂ විසින්අ යථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක පමණ මුදලක් HelloCorp (Pvt. Ltd) ආයතනයේ ආයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සමයේ මෙම පැමිණිල්ල ගොනු කෙරුණා.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දන්වා තිබුණේ විමර්ශනයට අදාළ සියලු උපුටන උපදෙස් පතා නීතිපතිවරයා වෙත යොමුකර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බවයි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය 2025 පෙබරවාරි 13 දිනට කල් දමා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *