ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඇමැතිවරු සිව්දෙනෙක් එම ධුරවලින් ඊයේ ඉවත් කළා.
ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන්සේවා සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය ඇමතිවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අධිකාරිය අනුවයි මෙම ඉවත් කිරීම සිදු කර ඇත්තේ.
මෙසේ ඉවත් කරන ලදි ඇමැතිවරු පිරිස මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහයෝගය ලබාදෙමින් සිටින බව ද වාර්තා වෙනවා.