Sat. Jun 28th, 2025

නැගී එන රුපියලට ඉහළ ඇගයීමක්

ලෝකයේ නැගී එන මුදල් ඒකක අතරින් හොඳම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා රුපියල අගෝස්තු මාසය අවසන් වන විට 8.21% ස්ථානීය ප්‍රතිලාභ අගයක් පවතින බව බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත අනාවරණය කර තිබෙනවා.

නැගී එන වෙළඳපොළ තුළ ඉහළම කාර්ය සාධනයක් සහිතව මුදල් ඒකකය ලෙස මාර්තු මාසයේ සිට පසුගිය මාස 05 කාලය පුරාවටම එය ප්‍රථම ස්ථානයේ පැවතුණා.

මේ වසරේ දෙවන භාගයේදී රුපියල හුවමාරු වටිනාකම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 295 ත් 305 අතර පවතිනු ඇති  බවට ද ලබන වසරේ මුල් භාගය තුළ 305 ත් 315 අතර පවතිනු ඇති බවට ද ආර්ථික විශේෂඥයින් අනාවැකි පළ කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *