Sat. Jun 28th, 2025

ගෝඨා කන හැටි රාසමානික්කම් කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාව විනාශ කර තරු පහේ හෝටල්වල විනෝද වන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් ප්‍රකාශ කරනවා.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ 2022දී බලයෙන් පහ කරන ලද ගෝඨාභය රාජපක්ෂ තරු පහේ හෝටලයක ආහාර වේලක් භුක්ති විඳින ආකාරය තමන් දුටු බවයි.

රාසමානික්කම් වැඩි දුරටත් කියා සිටියේ රාජපක්ෂට ඡන්දය දුන් ජනතාවට රට හැර යෑමට සිදු වූ නමුත් ඔහු ලංකාවේම සිට තරු පහේ සහ තරු හයේ හෝටල්වලින් ආහාර ගන්නා බවයි.

2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ජාතිවාදය අවුස්සනු දැකිය නොහැකි බව ද පසුගිය මැතිවරණ හා සසඳන විට එය මෙවර මැතිවරණයේ හොඳ සලකුණක් බව ද ඔහු සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *