රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට ඡන්ද විමසීම්වලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකි වනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවම කාලය පැය 4ක් ලෙස දැක්වෙනවා.
නමුත් පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට ලිඛිත නියමයකින් පැනවූ එවැනි විශේෂ නිවාඩු නොමැති හෙයින් සේවා යෝජකයන් සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු නොදෙන බවට පැමිණිලි ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට සහ ඒමට නිවාඩු ලබා දීම සඳහා දුර හා කාලය අතර සම්බන්ධතාවක් සහිත ක්‍රමවේදයක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.
