Sat. Jun 28th, 2025

මහේස්ත්‍රාත් නිල කුටියේ වෙඩි පත්තු වෙයි

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම්ගේ විනිසුරු නිල මැදිරිය තුළ ඊයේ (4දා) පස්වරුවේ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා.

එලෙස එම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත්තේ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළව නඩු භාණ්ඩයක් ලෙස නම්කර තිබූ ගිනි අවියක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට මහේස්ත්‍රාත්වරියගේ අත්සන යෙදීමෙන් අනතුරුව මුද්‍රා තැබූ අවස්ථාවේදී.

අධිකරණ සේවිකාවන් දෙදෙනකු විසින් අදාළ මුද්‍රා තැබීම සිදුකරන අවස්ථාවේ ගිනි අවිය මෙලෙස ක්‍රියාත්මක වී ඇති බවත් ගිනිඅවිය පත්තු වීමට සුළු මොහොතකට පෙර අතිරේක මහෙස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මිය සිය විනිසුරු නිල මැදිරියෙන් පිටව ගොස් ඇති බවත් සඳහන් කරන අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.

මෙම සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුව නොමැති බව ද පොලීසිය ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *