Sat. Jun 28th, 2025

“අනුර සජිත්ව පරද්දනවා” රනිල් කියයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස අභිබවා ගොස් මේ වසර අගදී ප්‍රධාන විපක්ෂයේ නායකයා වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

මහියංගනය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ කියා සිටියේ තමන්ගේ හිටපු දේශපාලන ගෝලයා විපක්ෂ නායකවරයා ලෙස කළ යුතුකම් පැහැර හැර ඇති නිසා සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස සිය ස්ථාවරය පවත්වාගෙන යෑමට අපොහොසත් වී ඇති බවයි.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේත් ප්‍රධාන විපක්ෂය වුණේ මගේ පක්ෂය. අතීතයේ තිබුණේ දෙපැත්තේ සටනක් පමණයි. පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂයෙන් එක් ප්‍රධාන අපේක්ෂකයෙක් සහ ආණ්ඩු පක්ෂයෙන් එක් අපේක්ෂකයෙක් පමණයි සිටියේ. නමුත් මේ වසරේ ජනාධිපතිවරණයට විපක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු සිටින නිසා අද එය වෙනස් වී තිබෙනවා. ඔවුන් අනුර සහ සජිත්. බොහෝ දුරට අනුර සජිත්ව පරද්දන්න ඉඩ තියෙනවා.” යැයි වික්‍රමසිංහ වැඩි දුරටත් කියාසිටියේ මෙවර ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයා තමා බව හඟවමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *