Sat. Jun 28th, 2025

කොළඹ අධිකරණයේ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන්: භාරකරු ගැන සැක!

Sep5,2024 #news #police

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 12ක ප්‍රමාණයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් සැක පිට එම අධිකරණයේ භාණ්ඩ භාරකාරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ලබන 12 වැනි දා දක්වා බන්ධනාගාරගත කරන ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (4) නියෝග කරනු ලැබුවේ.

අධිකරණ නියෝග මත දින 4ක් රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු මොහොමදු නියාස් මොහොමඩ් නද්වි නම් මෙම සැකකරු මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබුවා.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 12ක් බව පැවසෙන අතර රහස් පොලිසියේ බව පවසමින් තරිඳු යෝෂිත නමින් හඳුන්වාගත් අයෙක් මේවා රැගෙන ගිය බව අධිකරණයේදී හෙළි වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *