රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණයකට පෙර යතුරුපැදියක් පුහුණු වුණැයි පුද්ගලයෙකුගේ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තවේ ප්‍රධාන පරීක්ෂකවරයා එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ඊයේ (4) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයාට කිසිවෙකුගේ යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබා ගැනීමට කිසිදු බලයක් නොමැති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එසේ කිරීමෙන් ඔහු අදාළ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව තීන්දු කළා.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණේ, රියදුරු පාසල් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා වන සුනිල් ජයන්ත යන අය විසිනුයි.