පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් 43 දෙනකු ආහාර විෂ වීම නිසා රෝහල් ගතකර තිබෙනවා.
මීගොඩ පොලිසිය පැවසුවේ පාදුක්ක වටරැක ප්රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අද (04) පෙරවරුවේ මෙම සිදුවීම වාර්තා වූ බවයි.
මේ පිරිස අතර කාන්තාවන් 25 දෙනෙකු හා පුරුෂයින් 18ක් වන බවත් ඔවුන් අවුරුදු 20 – 40 අතර වයසේ පසු වන්නන් බවයි වාර්තා වන්නේ.
අදාළ සේවක සේවිකාවන්ට ආයතනය තුළම ක්රියාත්මක ආපන ශාලාව මගින් උදෑසන ආහාරය ලබාදී තිබෙන බව පැවසෙනවා.
එම ආහාර ගැනීමෙන් අනතුරුව ටික වේලාවකට පසුවයි වමනය, ක්ලාන්තය සහ උදරයේ වේදනාව හටගෙන ඇති බව සඳහන්.
ඒ අනුව අසාත්මිකතා හටගත් පිරිස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.