බොරැල්ල හරස් පාර, කිංසි පාර හා යාවන ස්ථානයේ පිහිටුවා තිබෙන ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ පදික වේදිකාවද අරක් ගනිමින් වාහන නතර කිරීම නිසා පදිකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
මෙම ස්ථානයේ හතරමං හන්දියක්ද පිහිටා ඇති අතර මෙම ප්රශ්නය නිසා රොස්මිඩ් පෙදෙසින් කිංසි පාර දෙසින් පැමිණෙන පදිකයන්ට ආලෝක සංඥා සහිත ස්ථානයේදී යෑමට සිදුවන්නේ පදික වේදිකාව මගහරිමිනුයි.
මෙම තත්වය සමාජ මාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබු අතර ඊයේ (03) වන විට ද මේ තත්වයට පිළියමක් කිරීමට සමගි ජනබලවේගය කටයුතු කර තිබුණේ නැහැ.
ජනපති වීමට පෙර සජිත්ගේ උදව්කාරයන්ගෙන් මෙලෙස ජනතාවට පීඩා සිදු වේ නම් පසුව කෙසේ වනු ඇත්දැයි ජනතාව ප්‍රශ්න කරනවා.