ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන දීගයක් සිදු විය හැකි බවට පැතිරෙන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළා.
“සමහරු කියනවා සමගි ජන බලවේගය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර දේශපාලන දීගයක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. මේක ඇත්තට බොහෝ දුරයි. අපේ අපේක්ෂකයා ඉදිරියෙන් ඉන්න නිසා එහෙම දීගයක් කොහොමටවත් අවශ්‍ය වෙන්නේ නැහැ.” යැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළාත
“වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඔහුගේ පෙනුම වෙනස් කිරීමට පවා යම් යම් පුද්ගලයන්ගේ බලපෑම් එල්ල වෙනවා. ඔහු මෑතක සිට විවිධ කමිස ඇඳීමට පටන් ගෙන තිබෙනවා. දැන් අපට බලන් ඉන්න වෙලා තියෙන්නේ ඊළඟට ඔහුගේ ඇඳුම සම්පූර්ණයෙන් වෙනස් වෙයිද කියලා.” යනුවෙන් ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.