පළාත් පාලන මැතිවරණය සඳහා නව නාමයෝජනා කැඳවීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයාගේ ඒකාබද්ධ යෝජනාවකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් මෙම අනුමැතිය විධිමත් කිරීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ප්‍රකාශ කළා.
මෑතකදී නව ඡන්ද දායකයින් 930,000ක් ලියාපදිංචි කිරීම සහ තරුණ සහභාගීත්වය වැඩි කිරීම මෙම යෝජනාවට හේතු වූ බව ඔහු පෙන්වා දුන්නා.