කරුණාරත්න පරණවිතාන 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස අද (03) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ සමඟි රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු වශයෙන්.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් වන ලද්දේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ තලතා අතුකෝරල සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීම නිසා.
2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණු පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යංශ කිහිපයකම කටයුතු කළා.