තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් දිය ඇල්ලට ප්රධාන වශයෙන් ජලය ගලා බසින ඇළ මාර්ගයට පෙරලීමෙන් ලොරි රථයේ රියදුරා කොටගල ප්රාදේශිය රෝහල වෙත ඇතුළත් කර බව දිඹුලපතන පොලීසිය පවසනවා.
මෙම අනතුර සිදු වි ඇත්තේ (02) දින රාත්රි 7 ට පමණ හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ කොටගල ප්රාදේශිය රෝහල ආසන්නයේදී.
ධාවනය කරමින් තිබූ ලොරි රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය රියදුරු පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් ඇළ මාර්ගයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවයි දිඹුලපතන පොලීසිය පවසන්නේ.
ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ රියදුරා පමණක් ගමන් කර ඇති බවයි දිඹුලපතන පොලිස් නිලධාරීන් ප්රකාශ කළේ.