දේශපාලන පක්ෂ ප්‍රචාරක දැන්වීම් තම වාහනවල ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය වාහන හිමියන්ට අනතුරු අඟවා තිබෙනවා.
එවැනි දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී බවත් වාහන නවතා එම දැන්වීම් ඉවත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළා.
තදින් සවි කර ඇති ස්ටිකර් හෝ පෝස්ටර් ඉවත් කිරීමෙන් වාහනයට හානි සිදුවිය හැකි බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් මැදිහත්වීම් වළක්වා ගැනීම සඳහා ස්වේච්ඡාවෙන්ම මෙම දැන්වීම් ඉවත් කර ගන්නා ලෙස ඔහු වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටියා.