Thu. Jun 26th, 2025

කතරගම දෙවොලින් ඉදි කළ පිළිකා රෝහල් වාට්ටු සංකීර්ණය බොරු සෝබන නැතිව ජනතා අයිතියට!

Sep3,2024 #2024 #apeksha #news

රුහුණු කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහල වෙත ඉදි කළ ළමා වාට්ටු සංකීර්ණය අද (03) රෝගී අයිතියට පවරනු ලබන බව වාර්තා වෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ එම කටයුත්තට සමරු පලක හෝ විශේෂ ආරාධිතයන් හෝ දේශපාලකයන් සහභාගි කරනොගැනීමයි.

මහල් 4කින් සමන්විත මෙය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 1560ක මුදලක් වැය වී තිබෙනවා.

මෙම වාට්ටු සංකීර්ණය අපේක්ෂා රෝහලේ නේවාසික දරුවන්ගේ සුරතින් විවෘත කරන බවත් කිසිදු අයෙකුගේ නමක් ගමක් නොමැතිව කතරගම දෙවියන්ට පින් අනුමෝදන් වේවා යනුවෙන් පමණක් සටහන් කර ඇති බවත් වත්මන් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර සඳහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *