අද (02) සිට දින තුනක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
කොළඹ , ගම්පහ , කළුතර , රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි ඩෙංගු අවදානම් කලාපවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම ඒකකය පැවසුවා.
පවතින වර්ෂාවත් සමග ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අගෝස්තු මාසය තුළදී පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 387ක් වාර්තා වී ඇති බවත් එම ඒකකය වැඩි දුරටත් ප්‍රකාශ කළා.
වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,642ක්.