වෘත්තීය සමිති නායකයක් මර්දනයට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.
සෞඛ්‍ය ක්ෂේත්රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව මෙම වෘත්තී්‍ය ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
සෞඛ්‍ය පද්ධතිය තුළ සහ ඉන් පරිබාහිර පාර්ශ්වයන්ගේ මැදිහත් වීමෙන් වෛද්‍යවරුන් පීඩාවට සහ අධෛර්යයට පත් කිරීමේ අරමුණින් අඛණ්ඩව ක්‍රියාත්මක වන පටු න්‍යායය පත්‍ර සහ වැඩපිළිවෙළ වැළැක්වීමට දේශපාලන නායකත්වය, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වගකිවයුත්තන් සාධනීය මැදිහත් වීම් නොකරන බව ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
වැරදිකරුවන්ට දඬුවම් කිරීම පසෙකලා වංචා, දූෂණ සහ වැරදි පිළිබඳ ව තොරතුරු සපයන්නන් නිහඬ කිරීම ඉලක්ක කර ගනිමින් සිදු කරන අසාධාරණ සහ පක්ෂග්රාහී විනය ක්‍රියාමාර්ග ගැනීම නවත්තන්නේ නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරියේදී වඩා තීව්ර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.