Sat. Jun 28th, 2025

සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

Sep2,2024

ඉදිරි පැය 24ක කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියට අයත් ඉහළ ධාරා ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ඇදහැළෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *