Sat. Jun 28th, 2025

රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බව කියූ තල්මසා මිය ගිහින්

Sep2,2024

රුසියන් ඒජන්තවරුන් විසින් ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් රටවල නාවික කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බැලීම සඳහා පුහුණු කළ බව පැවැසෙන බෙලූගා වර්ගයේ තල්මසා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සත්වයා ‘ව්ලැදිමීර්’ යන නමින් හැඳින්වුණු අතර තල්මසාගේ සිරුර හමුවී ඇත්තේ නෝර්වේ රාජ්‍යයේ, නිරිතදෙසින් පිහිටි ‘රිසාවිකා’ නමැති වෙරළාශිත නගරයට ඔබ්බෙන් මුහුදෙන්.

නෝර්වේ බලධාරීන්, තල්මසාගේ සිරුර, මරණ පරීක්ෂණයක් සඳහා රැගෙන ගිය බව ද සඳහන්

ඔත්තු බැලීමට මෙම තල්මසා යොදා ගත් බවට එල්ල වන චෝදනා රුසියානු ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ හෝ තහවුරු කර නැත.

ඩොල්පින් මෙන්, බෙලූගා තල්මසුන් ද හොඳින් පුහුණු කළ හැකි මුහුදේ වෙසෙන ක්ෂීරපායීන් වන අතර ‘ව්ලැදිමීර්’ මීට පෙර නෝර්යේ රාජ්‍යයට ඔබ්බෙන් මුහුදේ දකින්න ලැබී ඇත්තේ 2019 අප්‍රේල් මාසයේයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *