වසර 21ක් පමණ කාලයක සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ටෙන්ඩර් කැඳවීමකින් තොරව සැපයුම් දිගු ලබා දෙමින් ප්‍රසම්පාදන කාර්යයෙන් බැහැරව එකම ආයතනයකින් හිස් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙනවා.
හිස් ගමන් බලපත්‍රවල අවශ්‍යතාව සැලකිල්ලට නොගෙන මිල දී ගැනීම් සිදු කර ඇති බවත් මේ හේතුවෙන් නිකුත් කිරීමට අවශ්‍ය ගමන් බලපත්‍ර සංඛ්‍යවේ අවශ්‍යතාවයට අනුව හිස් ගමන් බලපත්‍ර නොමැතිවීම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට මූලික හේතුවක් වී ඇති බවත් වාර්තා වෙනවා.
හිස් විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමට මෙම පුද්ගලික ආයතනය තෝරාගෙන ඇත්තේ 2003 වර්ෂයේදී.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හිස් ගමන් බලපත්‍ර නියමිත කාලයේ දී ගෙන්වා නොගැනීම නිසා ඇති වූ හිස් ගමන් බලපත්‍ර හිඟය නිසාවෙන් දෙපාර්තමේන්තුවට අතිරේක වියදමක් දැරීමට සිදු වී ඇති බවත් පවතින හිඟය හේතුවෙන් හිස් ගමන් බලපත්‍ර ගුවන් මගින් ගෙන්වීමට ගුවන් භාණ්ඩ ප්‍රවාහනය, ලේඛන හා අමතර වැඩ ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් 33,672.35ක මුදලක් පෞද්ගලික ආයතනයක් වෙත ගෙවා ඇති බවත් එම වාර්තාවෙන් වැඩි දුරටත් හෙළිදරව් වෙනවා.
එමෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වෙත ඉකුත් වර්ෂයේ විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් 321,216ක් ලැබී ඇති නමුත් නිකුත්කොට ඇත්තේ විදේශීය ගමන් බලපත්‍ර 198,592ක් බවත් එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 62%ක් පමණක් බවත් විගණන වාර්තාවේ සඳහන් වෙනවා.