අනුරාධපුර – නුවර මාර්ගයේ කවරක්කුලම හංදිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීයෙකු ගමන්ගත් යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
අද (17) උදෑසන 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
ඔහු අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.
මෙම නිලධාරියා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී මාර්ග අසළ තිබූ ගසක් මෙලෙස ඔහු මතට කඩාවැටී තිබෙනවා.
එහිදී බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා අනුරාධපුර ශික්ෂණ මහ රෝහල වෙත ඇතුළත් කිරීමටයි ප්‍රදේශවාසීන් පියවර ගෙන ඇත්තේ.