ජනපති රනිල් වික්රමසිංහ වෙත සහය පළ කරමින් පෙරේදා (30) වැනි දා ගම්පොළ, බෝතලාපිටියේ උත්සව ශාලාවක පැවැති ජනහමුව අවසානයේ ආධාරකරුවන් වෙත පිරිනැමීමට සූදානම් කර තිබූ ආහාර සංග්රහය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබෙනවා.
රැස්ව සිටි පිරිසට බුරියානි ලබා දීමට සූදානම් කර ඇති බවට මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලක් අනුව නිලධාරීහු වැටලීම කළ අතර සූදානම් කර තිබූ ආහාර හට්ටි එම ස්ථානයට ගෙන එමින් තිබිය දී භාරයට ගෙන තිබුණා.
ජනහමුව රාත්රි 8.30ට යොදා තිබු අතර අධිකරණ ඇමැති අලි සබ්රි සහ අනුරාධ ජයරත්න ඇතුළු මැති-ඇමැතිවරු රැසක් සහභාගි වී තිබු බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, රැස්ව සිටි පිරිස රැස්වීම පවත්වා පිටව ගොස් ඇති අතර බුරියානි භෝජනය ඔවුන්ට අහිමි වී තිබෙන බවයි සඳහන් වන්නේ.