පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින බාධා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ නීති සංශෝධනය කිරීමෙන් පමණක් බව මැතිවරණ කොමිසම පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මෙම අදහස් පළ කළා.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමටයි මෙම රැස්වීම කැඳවා තිබුණේ.
මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.L. රත්නායක කියා සිටියේ පළාත් සභා මැතිවරණය පැරණි මැතිවරණ ක්‍රමයට හෝ අලුතින් සීමා නිර්ණය කළ ක්‍රමයට පැවැත්විය හැකි බවයි.
මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත පාර්ලිමේන්තුවේදී සංශෝධනය කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බවයි රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ අතර, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් අදාළ ගැටලු විසඳා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම අග්‍රාමාත්‍යවරයාට පැවරිණි.