මාසික මිල සූත්‍රය අනුව ඊයේ (31) දින සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඔක්ටේන් 92 රු. 12කින් ද,
ඔක්ටේන් 95 රු. 2කින් ද,
ලංකා සුදු ඩීසල් රු. 10කින් ද,
ලංකා සුපර් ඩීසල් රු.3 කින් ද,
අඩු කර තිබෙනවා.
ඒ් අනුව ඔක්ටේන් 92 නව මිල – රු. 332ක් ද
ඔක්ටේන් 95 නව මිල රු. 377ක් ද
ලංකා සුදු ඩීසල් රු. 307ක් ද
ලංකා සුපර් ඩීසල් රු. 352ක්ද වෙනවා.
භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු කර නැති බවයි දැක්වෙන්නේ.
මේ මිල ගණන් අනුව යමින් IOC සහ Sinopec සමාගම්ද සිය ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.