ශ්‍රී ලංකාව ආසියාවේ දියුණුතම රට බවට පත්කිරීමේ වැඩපිළිවෙළ තමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
දෙමටගොඩ පැවති ජන හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ තරුණ ප්‍රජාව එම වැඩපිළිවෙල සමඟ සම්බන්ධ විය යුතු බවයි.
“ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන්න අපත් සමග අත්වැල් බැඳ ගන්න. අපි ලංකාව ආසියාවේ දියුණුම රට බවට පරිවර්තනය කරන වැඩපිළිවෙළ ආරම්භ කරමු.” යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
නාමල් රාජපක්ෂගේ පියා වන මහින්ද රාජපක්ෂ ද ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කරන බවට ප්‍රකාශ කළ අතර ඔහු දෙවරක්ම මෙරට විධායක ජනාධිපති ධුරය ද දැරුවා.