සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟයේ දෙවන දිනය නිමා වුණේ එහි පූර්ණ ගෞරවය එංගලන්ත කණ්ඩායමට හිමි කර දෙමින්.
සිය පළමු ඉනිම අවසන් කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 427ක් ලබා ගත් අතර පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත්තේ ලකුණු 196ක් පමණයි. හුදෙකලා සටනක නිරත වු කමිඳු මෙන්ඩිස් ලකුණු 74ක් ලබා ගත්තා.
දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම දිනය නිමා වන විට එක්කඬුල්ලක් දැවී ලකුණු 25ක් ලබාගෙන ලකුණු 256ක් ඉදිරියෙන් සිටිනවා.
කෙසේ වුවත් එංගලන්ත පළමු ඉනිමේදී කඬුලු 05ක් දවා ගත් අසිත ප්‍රනාන්දු සිය නම ලෝඩ්ස් පිටියේ ‘ලෝඩ්ස් ගෞරව පුවරුවට’ එක් කර ගැනීමට සමත් වුණා. ‘ලෝඩ්ස් ගෞරව පුවරුවට’ සිය නම එක් කර ගත් දෙවන ශ්‍රී ලාංකිකයා අසිත ප්‍රනාන්දු වන අතර රුමේෂ් රත්නායකගේ නම මීට පෙර ‘ලෝඩ්ස් ගෞරව පුවරුවට’ එක් කර තිබුණා.