Sat. Jun 28th, 2025

ඇමති ෂෙහාන්ට මරණ තර්ජන

May16,2024

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බවට පවසමින් නිර්නාමික දුරකථන ඇමතුමක් ඔහුගේ කාර්යාලයට ලැබී තිබේ.

කොටුව පොලිසිය විසින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.

ඉදිරි මැතිවරණයට තරග කිරීමට අමාත්‍යවරයාට ඉඩ නොතබවන බවත් පවසා ඇති ඇමතුම්කරු තමන් සතුව ආයුධයක් ඇති බවත් තර්ජනය නොසලකා කටයුතු කළහොත් ටයර් දමා පුළුස්සන බවත් දැනුම් දී ඇත.

මේවන විටත් අදාල දුරකථන ඇමතුම සම්බන්ධයෙන් දුරකථන ජාල විශ්ලේෂණ වාර්තාවක් හරහා පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ පිළිබඳව ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ මෙය පැරණි ඝාතන සංස්කෘතියක නව හිස එසවීමක් විය හැකි බවයි.

පසුගිය අරගල සමයේද තම නිවස ගිනිබත් කරන අවස්ථාවේත් නොබියව දේශපාලනයේ යෙදුණු තම දේශපාලන ගමන මෙවන් ක්‍රියා මඟින් ආපස්සට හැරවිය නොහැකි බවද ඔහු පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *