Sat. Jun 28th, 2025

නවසීලන්තයේ මඕරි රජු ජීවිතක්ෂයට

Aug30,2024

නවසීලන්තයේ Maori රජු Kiingi Tuheitia Pootatau Te Wherowhero VII අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට වයස අවුරුදු 69 දී පසුවූ ඔහු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමග සිටියදී සාමකාමීව මිය ගිය බවයි නවසීලන්ත මඕරි ව්‍යාපාරයේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ.

Kiingitanga, හෙවත් එරට Maori ව්‍යාපාරය, ප්‍රාදේශීය වේලාවෙන් සිකුරාදා උදෑසන මෙම පුවත සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඔහුගේ රාජාභිෂේකයේ 18 වැනි සංවත්සරය සමරා දින කිහිපයකට පසු රජු හෘද සැත්කමක් සිදු කර ඇති අතර ඉන් සුවය ලබමින් රෝහල්ගතව සිටින අතරතුර මෙලෙස මියගොස් තිබෙනවා.

Tūheitia රජුගේ අනුප්‍රාප්තිකයා Kiingitanga තුළ සිටින නායකයින් විසින් තෝරා ගනු ලබන අතර ඔහුගේ අවමංගල්‍ය චාරිත්‍ර අවසන් වූ පසු ප්‍රකාශ කිරීමට නියමිතයි.

නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේ රජුගේ දේහය දින පහක් මඕරි රජුගේ ආසනය වන ටුරංගවාවේ මාරේ රාජ්‍යයේ තබා පසුව තවුපිරි කන්දේ තැන්පත් කිරීමට ගෙන යනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *