බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (30) පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු අංක 1596 දරණ මිශ්‍ර දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.