Sat. Jun 28th, 2025

කොළඹදී ත්‍රී වීල් හයර් යන්නේ බලාගෙනයි! රජයෙන් විශේෂ දැනුම්දීමක්

May16,2024

බස්නාහිර පළාත තුළ ධාවනය වන මගී ත්‍රිරෝද රථ සඳහා ජූලි 01 වැනි දින සිට නැවතුම්පොළ පහසුකම් ලබා දීමට කටයුතු කරනු ලබන්නේ මගී ප්‍රවාහනය සඳහා අවසර ලත් ත්‍රිරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මගී ප්‍රවාහනය සඳහා අවසර ලබාගැනීමට ලියා පදිංචිය සිදුකළ යුතු අවසන් දිනය ලබන මස 30 බවට බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙන බවද මාධ්‍ය අංශය පෙන්වා දෙයි. මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් කිලෝමීටරයක් සඳහා අයකළ යුතු ගාස්තුව තීරණය කිරීමටත් ගාස්තු නිර්ණයට සූත්‍රයක් ගොඩනැගීමට අවශ්‍ය විශේෂඥ කමිටුවක් සකස් කර ගැනීමටත් කටයුතු කරමින් තිබෙන බවද සඳහන් කරයි.

මේ අනුව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා වැයවන වියදමත් ලැබෙන අදායමත් පිළිබඳව තොරතුරු රැස් කරන බවත්, අදාළ විස්තර ලබා ගැනීම සඳහා ගූගල් පෝරමයක් සකස් කර ත්‍රිරෝද රථ ප්‍රජාව වෙත ලබා දී තොරතුරු ලබා ගැනීමට කටයුතු කරමින් තිබෙන බවත් පෙන්වා දෙයි.

ගාස්තු තීරණය වන තෙක් බස්නාහිර පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ආකාරයට ජූලි මස 01 වැනි දින සිට අයකළ යුතු නිශ්චිත උපරිම ගාස්තුවක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවත් සඳහන් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *