ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් මැතිවරණ නිලධාරීන්ගෙන් සහ බලධාරීන්ගෙන් අසාමාන්‍ය ඉල්ලීම් සිදු කර ඇති බව වාර්තා වෙනවා.
එයින් සමහර ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති අතර සමහර ඒවා සළකා බලමින් පවතින බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
ආරංචි මාර්ගවලට අනුව එක් ජනාධිපති අපේක්ෂකයකු තම ආරක්ෂාව සඳහා ස්නයිපර්වරයකු ඉල්ලා ඇති අතර එම අපේක්ෂකයාට ඇති තර්ජන ශුන්‍ය ලෙස සළකා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තම බිරිඳ සමඟ ජීවත් නොවන තවත් අපේක්ෂකයකු තම බිරිඳගෙන් තර්ජන ඇතැයි පවසමින් ද ආරක්ෂාව ඉල්ලා තිබෙනවා.
කෙසේ වුවත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සමහර අපේක්ෂකයන් දුරකථන මාර්ගයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණ බවයි.