Fri. Jun 27th, 2025

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

Aug30,2024

ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

පසුගිය 19 වනදා සිට 25 වනදා දක්වා ගත වූ සතිය තුල ඩෙංගු රෝගීන් 926 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඊට පෙර සතියේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 968 ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

එම සංඛ්‍යාව 54.8% ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 24.9% ක් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් 9.3 %ක් ම වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙනුයි.

රත්නපුර දිස්ත්‍රික්කය තුළ යටවත්ත, කුරුවිට, පැල්මඩුල්ල ,රත්නපුර ,මොරටුව, රාගම සීදුව,පානදුර සහ බේරුවල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය වසංගත තත්ත්වයකට ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ රත්නපුර දිසා ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ මූලිකත්වයෙනුයි.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගුරෝගීන් 2198 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *