Sat. Jun 28th, 2025

පාඨලීගෙන් රනිල්ට සුරාබදු අභියෝගයක්

Aug29,2024 #income tax #patali #president #ranil #tax

සුරාබදු පොලු තැබූ සමාගම්වලින් බදු අයකර පෙන්වන්නැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියෝග කර සිටිනවා.

ඔහු මෙම අභියෝගය එල්ල කළේ කොටිකාවත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී මාධ්‍යයට අදහස් දක්වමින්.

“ඔය කියන තරම් බදු හිඟයක් නෑ කියලා සුරාබදු කොමසාරිස්වරයා ජනාධිපතිවරයාට කියලා තියෙනවා නේද?” යනුවෙන් මාධ්‍යවේදියෙකු නගන ලද ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නා.

“මං දන්නෑ එතුමා එහෙම එකක් කිව්වද කියලා. සුරා බදු කියන්නේ, මත්පැන් කියන්නේ අත්පිට මුදලට විකුණන දෙයක් වෙනුවෙන් අය වෙන බද්දක් පනතට අනුව. බිලියන 7.9ක බදු තියෙනවා අතීත බදුත් එක්ක. මේ වසරේත් තියෙනවා විශාල බදු හිඟයක්. ඒක අපේ වාර්තාවල තියෙනවා. මුලින් ඒ බදු ටික එකතු කරලා පෙන්නන්න කියලා අපි ජනාධිපතිවරයාට, සුරාබදු කොමසාරිස්වරයාට කියනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *