මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න තංගල්ලේ පැවැති ජන රැළියේදී සමඟි ජන බලවේගයේ වේදිකාවට ගොඩ වී තිබෙනවා.
පසුගිය දා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාර ගත් නිරෝෂන් ප්‍රේමරත්න එහි ලේකම් වාසුදේව නානායක්කාර ලිපියක් ඉදිරිපත් කරමින් පක්ෂ නායකත්වයෙන් සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වුණා.
එම ලිපියේ ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ ඉදිරිපත් කරන ලද සැලසුම් ක්‍රියාත්මක කිරීමට පක්ෂ සාමාජිකයන් අකමැති බව සහ තමන් සුදුසු දේශපාලන බිමක් තෝරා ගන්නා බවයි.
කෙසේ වුවත් තංගල්ලේ පැවැති සමඟි ජන බලවේගයේ රැළියේදී නිවේදකයා විසින් නිරෝෂන් හඳුන්වා දී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙසින් බව ද වැඩි දුරටත් වාර්තා වෙනවා.